Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයටත් භූමිකම්පනයක් !  

Add comments

චීනයේ භූමිකම්පා ජාල මධ්‍යස්ථානයට (CENC) අනුව අද උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ Xinjiang Uygur ස්වයං පාලන කලාපයේ Aksu – Wensu ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

කිලෝමීටර් 10 ක ගැඹුරකින් යුත් මෙම කම්පනය උතුරු අක්ෂාංශ අංශක 41.87 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 79.85 ක් අතර නිරීක්ෂණය වූ බව CENC පවසයි.

කම්පනයේ කේන්ද්‍රය අක්සු නගරයේ සිට කිලෝමීටර් 84 ක් දුරින් සහ ප්‍රාදේශීය අගනුවර වන උරුම්කි සිට කිලෝමීටර් 670 ක් දුරින් පිහිටි බවයි පැවසෙන්නේ. පළාත් පාලන ආයතනවලට අනුව, ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

භූමිකම්පාවෙන් පසු, ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුව පුද්ගලයන් දස දෙනෙකු රැගත් වාහන දෙකක් ආපදා ප්‍රදේශයට යවා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා වනවා.

දේශීය විදුලිබල ජාලයේ ක්‍රියාකාරිත්වය, තෙල් හා ගෑස් නිෂ්පාදනය සහ ප්‍රධාන පෙට්‍රෝ රසායනික ව්‍යවසායන් භූමිකම්පාවෙන් බලපෑමට ලක් නොවූ අතර ඒවායේ නිෂ්පාදනය සහ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි සිදුවන බවයි චීන වාර්තා සඳහන් කරන්නේ.

The post චීනයටත් භූමිකම්පනයක් ! appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG