Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ණය බරින් මිරිකුණු රටවලට ලෝක බැංකුවෙන් පොරොන්දුවක්  

Add comments

පීඩාවට පත් රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සහනයක් ලබාදීමට ලෝක බැංකුව පොරොන්දු වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ඉන්දියාව චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ පැවති රැස්වීමකදීයි ලෝක බැංකු සභාපතිවරයා මෙසේ පොරොන්දු වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හා යුක්රේන රුසියා යුද ගැටුම් හේතුවෙන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්වු ණය ලබාගත් බොහෝ රටවල් එම ණය ගෙවාගත නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ලොව විශාලතම ද්වීපාර්ශ්වික ණය ලබාදෙන්නා වන චීනය ඔවුන්ගේ ණය කොන්දේසි ලිහිල් කළ යුතු බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් පෙන්වා දෙන්නේ බලවත් රටවල් දිළිදු රටවලට උපකාර කළ යුතුව ඇති බවයි.

 

The post ණය බරින් මිරිකුණු රටවලට ලෝක බැංකුවෙන් පොරොන්දුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG