Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඉතාලියේදී අනතුරට  

Add comments

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව සියය ඉක්ම විය හැකි බව සහන කණ්ඩායම් පවසනවා.

මිය ගිය සරණාගතයින් 63 දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුව ඇති අතර මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 12 දෙනෙකු ඇතුලත්. ඒ අතර මාස කිහිපයක් වයසැති බිළිදෙකු ද වනවා. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ 150 දෙනෙකු පමණ එහි සිටි බවට සදහන් වුවද සහන කණ්ඩායම් පවසන්නේ 200කට අධික පිරිසක් එහි ගමන් කළ බවයි. 80 දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකිව ඇති අතර ඔවුන් ඉරාන,  ඉරාක,  ඇෆ්ගනිස්ථානය,  පාකිස්තානය සහ සෝමාලියාව ඇතුලු රටවල් වලින් පැමිණි පිරිස් බව වාර්තා වනවා.

මේ අතර ඉතාලි අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින්නේ බෝට්ටු භාවිතා කරමින් සරණාගතයින්ගේ පැමිණීම වැළැක්වීමට කටයුතු කරන ලෙසයි.

 

 

The post සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඉතාලියේදී අනතුරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG