Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි – සිරියා බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8000කට ආසන්නයි  

Add comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8000කට ආසන්න බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මේ වන විට දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි.

භූ කම්පනයෙන් 20000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 11000කට අධික සංඛ්‍යාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ද සඳහන්.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉරානය හා ඉරාකය ඇතුලු ලොව පුරා රටවලින් ආධාර හා සහන කණ්ඩායම් තුර්කියට හා සිරියාවට පැමිණ සිටිනවා.

එමෙන්ම සහන කටයුතු සදහා තුර්කි ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් 30000කට ආසන්න සංඛ්‍යාවක් සේවයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

The post තුර්කි – සිරියා බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8000කට ආසන්නයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG