Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාණිජ ගුවන් කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව සිදුකිරීමට ඉන්දියාව සූදානම්  

Add comments

වාණිජ ගුවන් කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව සිදුකිරීමට ඉන්දියාව සූදානම් වනවා.

ටාටා සමාගමට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 470 ක් මිලදී ගන්නා බවට නිවේදනය කළා.

ඒ යටතේ යුරෝපයේ නිෂ්පාදිත එයාර් බස් ගුවන් යානා 250 ක් ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා 220 ක් මිලදී ගැනීමට නියමිතයි.

මෙම ගනුදෙනුව ඇමෙරිකා ඩොලර් බිලියන 80 ක් පමණ වනු ඇති බවටයි ගනන් බලා ඇත්තේ. එයාර් ඉන්දියා ගුවන් සමාගම පාඩු ලැබීම හේතුවෙන් 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී ටාටා සමාගමට විකුණා දැමුණා.

ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර සිදුව ඇති බවද සඳහන්.

ගනුදෙනුව හරහා මිලියනයකට අධික ඇමෙරිකානුවන් සංඛ්‍යාවකට රැකියා හිමිවන බවයි ජෝ බයිඩන් සදහන් කරන්නේ.

 

The post වාණිජ ගුවන් කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව සිදුකිරීමට ඉන්දියාව සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG