Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IMF මූල්‍ය සහන ලබාගැනීමට පාකිස්තානයත් බදු ඉහළ දමයි  

Add comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා පාකිස්තානය බදු ඉහළ දමා තිබෙනවා.

බදු ඉහළ දැමීම යටතේ පාකිස්තාන රුපියල් බිලියන 170 ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරනවා.

කෙසේ වුවද ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරන්නේ බදු ඉහළ දැමීම සදහා එරට උද්ධමනයට බලපෑම් එල්ලවිය හැකි බවයි.

නව බදු යටතේ එරට ගෘහස්ථ හා ව්‍යාපාර සදහා භාවිත කරන ගෑස් මිල දෙගුණයකින් පමණ ඉහළ දමා තිබෙනවා.

විදුලි ගාස්තු ද ඉදිරි සතියේ දී ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය ඇමෙරිකා ඩොලර් බිලියන 6 ක මූල්‍ය සහනාධාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලුම්කර තිබෙනවා.

මූල්‍ය සහන ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් වටයේ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙනවා.

 

The post IMF මූල්‍ය සහන ලබාගැනීමට පාකිස්තානයත් බදු ඉහළ දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG