Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකා සහ කැනඩා ගුවන් හමුදා එක්ව බිම හෙළයි  

Add comments

කැනඩා අහසින් හමුවු හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකා සහ කැනඩා ගුවන් හමුදා එක්ව බිම හෙළයි.

කැනඩාවේ යුකොන් ප්‍රාන්තයේ ගුවනින් හමුවු මෙම හඳුනානොගත් වස්තුව බිම හෙළීමට කටයුතු කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ තහවුරු කළා. කැනඩා සහ ඇමෙරිකා ගුවන් හමුදා විසින් මෙම හඳුනානොගත් වස්තුවේ ගමන් මග නිරීක්ෂණය කිරිමෙන් පසු ඇමෙරිකානු එෆ් 22 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙය බිම හෙළු බව වාර්තා වනවා. මෙම හඳුනානොගත් වස්තුව යුකොන් ප්‍රාන්ත අහසේ අඩි 40000ක් ඉහළින් ගමන් කළ කුඩා සහ සිලින්ඩරාකාර වස්තුවක් බවයි කැනඩා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ දිනයේ ද ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්ත අහසේ  ද මෙවන් හඳුනා නොගත් වස්තුවක් හමුවු අතර එය බිම හෙළු අතර ඇමෙරිකා කටයුතු කළා. චීන බැලූනය බිම හෙළීමෙන් පසු උතුරු ඇමෙරිකා අහසින් හඳුනානොගත් වස්තුවක් හමුවු දෙවන අවස්ථාව මෙයයි.

 

 

The post හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකා සහ කැනඩා ගුවන් හමුදා එක්ව බිම හෙළයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG