Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන – රුසියා යුද්ධයට අදට වසරයි  

Add comments

යුක්රේන – රුසියා යුද්ධයට වසරක් පිරෙන දිනය අදයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා.

පසුගිය වසරේ පෙරවාරි 24 රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාව යුක්රේනයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කළ 04 වන අවස්ථාව මෙයයි.

මෙහිදී එක්සත්ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 141 ක් රුසියාව ආක්‍රමණය හෙළා දකිමින් ඡන්දය ලබා දුන්නා.

ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.බෙලරුස්, එරිත්‍රියාව, මාලි නිකර ගුහාව, උතුරු කොරියාව, සිරියාව සහ රුසියාව එක්සත් ජාතීන්ගේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන්නා.

එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සදහන් වන්නේ රුසියාව වහාම සහ කොන්දේසි විරහිතව යුක්රේනයෙන් ඉවත් විය යුතු බවත් සාධාරණ හා කල්පවත්නා සාමයක් සදහා එළඹිය යුතු බවත්.

 

The post යුක්රේන – රුසියා යුද්ධයට අදට වසරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG