Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව උග්‍ර ආහාර අර්බුදයක  

Add comments

උතුරු කොරියාව උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරනවා.

ආහාර අර්බුදය උතුරු කොරියාවට නව අත්දැකීමක් නොවන අතර අයහපත් කාලගුණය, සම්බාධක හා දේශසීමා ගැටලු හේතුවෙන් එය උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. ගැටලුවට විසඳුමක් ලබා ගැනීමේ අරමුණෙන් මෙම මස අග භාගයේදී උතුරු කොරියා ඉහළ පෙළේ නිලධාරීන් කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් සමාලෝචනයක් සිදු කිරිමටද නියමිතයි. ගොවි ගැටලු සම්බන්ධව ඉක්මන් තීරණ නොගතහොත් තත්ත්වය තවත් දරුණු අතර හැරීමට ඉඩ ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමටද කටයුතු කළ යුතු බවයි එම වැඩසටහන තවදුරටත් සඳහන් කරන්නේ. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී එරට ආහාර නිෂ්පාදනය ටොන් එක්ලක්ෂ අසූදහසකින් පමණ පහත වැටී ඇති බව ද සඳහන්. ඒ සමඟම සමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ලෙස ආහාර මිල ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post උතුරු කොරියාව උග්‍ර ආහාර අර්බුදයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG