Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා කලාපයේ ගෙම්බන් වදවී යාමේ තර්ජනයක්  

Add comments

යුරෝපා කලාපයේ ආහාරයක් ලෙස ගෙම්බන් යොදාගැනීම හේතුවෙන් එම සතුන් වදවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටින බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.

ගෙම්බන්ගේ පාද යොදා ගනිමින් පිළියෙළ කරන ආහාර සඳහා යුරෝපයේ දැඩි ඉල්ලුමක් පවතිනවා. 2010 / 2019 කාලය තුළදී පමණක් යුරෝපා සංගමයට අයත් රටවල් පමණක් ගෙම්බන්ගේ පාද කිලෝ මිලියන 40.7 ක් පමණ ආනයනය කර තිබෙනවා. ඒ සඳහා ගෙම්බන් බිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් මරාදමා ඇති බවයි අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ. ඉන්දුනීසියාව , ඇල්බේනියාව හා තුර්කිය ප්‍රදානම ගෙඹි මාංශ අපනයනකරුවන් වනවා. 1970 / 80 දශකයන්හිදී යුරෝපයට ගෙඹි මාංශ අපනයනය කළ රටවල් ලෙස ඉන්දියාව හා බංග්ලාදේශය සැලකුණු අතර ගෙඹි ගහනය අවම වීමත් සමඟ මාංශ අපනයනය තහනම් කරනු ලැබුවා. මේ වනවිට ප්‍රංශය හා ජර්මනිය ගෙඹි මාංශ අඩංගු ආහාර සඳහා වැඩිම ඉල්ලුමක් පවතින රටවල් ලෙස දැක්විය හැකියි.

 

 

 

The post යුරෝපා කලාපයේ ගෙම්බන් වදවී යාමේ තර්ජනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG