Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් චීනයට චෝදනාවක්  

Add comments

ගුවන්ගත කළ බැලූන හරහා චීනය තම රටේ ඔත්තු බැලූ බවට සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා තම හමුදා වෙඩි තැබූ චීනයට අයත් බැලූනය ඔත්තු බැලීමේ උපකරණ සහිත එකක් බවට සැකයකින් තොරව විශ්වාස කරන බවයි රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තම රටේ සංවේදී කලාපයක් වන මොන්ටානා ප්‍රදේශයට ඉහළින් ද මෙම බැලූනය ගමන් කළ බව ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.

චීනය මේ වන විට ලෝකයේ මහද්වීප 05 පුරා රටවල් 40 ක පමණ ඔත්තු බැලීමේ නිරතවන බවටයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ බැලූනයේ සුන් බුන් කොටස් නිරීක්ෂණයෙන් පසු මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකි වන බවද ඔහු ප්‍රකාශ කළා.

The post ඇමරිකාවෙන් චීනයට චෝදනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG