Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩු වීමක්  

Add comments

ලොව පුරා රටවලින් දෛනික වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවේ පහළ යාමක් දක්නට ලැබෙනවා. ගත වු පැය 24ට ලොව පුරා රටවල් 229කින් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ හත්දහස් තුන්සිය අසූපහක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 895ක්.

ඊයේ දිනයේ දී වැඩිම වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 20000කට ආසන්නයි. එමෙන්ම තායිවානයෙන් 16000ක්,  ජපානයෙන් 15000ක් හා බ්‍රසීලයෙන් 9000ක් ලෙස වෛරස අසාදිතයින් හමුව තිබෙනවා.  ගතවු පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 164 වාර්තා වන්නේ ද ජර්මනියෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැත්තෑතුන්දහස් හාරසිය විසිපහ දක්වා  ඉහළ ගියා. හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත්කෝටි හැටහතරලක්ෂයකට අධිකයි.

The post ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩු වීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG