Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැබිණි මව්වරුන් මිය යාම ඉහළට – WHO  

Add comments

ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී සෑම මිනිත්තු දෙකකට වරක් කාන්තාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නවතම දත්ත මඟින් පෙන්නුම් කරන්නේ, 2016 සිට මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ රටවල් ස්වල්පයක් බවයි.

2000 සිට 2015 දක්වා කාලය තුළ මාතෘ මරණ අවම කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති වුවද, එය 2016 සිට 2020 දක්වා වූ වසර පහ තුළ එය ඇණහිට තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශයක් නොමැතිව ලොව පුරා මිලියන ගණනක් මෙම ඛේදජනක ඉරණමට ගොදුරු වන බවද සඳහන්.

2016 සිට 2020 අතර කාලය තුළ, එක්සත් ජාතීන්ගේ කලාප අටෙන් දෙකක මාතෘ මරණ ඉහළගොස් තිබෙනවා.

මෙම කලාප දෙක වන්නේ යුරෝපය, උතුරු ඇමරිකාව සහ ලතින් ඇමරිකාව, කැරිබියන් දූපත් වන අතර එම අගය සටහන් වන්නේ 17%ක් සහ 15%ක් ලෙසයි.

නමුත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මාතෘ මරණ අනුපාතය සියයට 35 කින් පහත වැටී ඇති අතර දකුණු ආසියාවේ එය සියයට 16 කින් පහත වැටී තිබෙනවා

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කර ඇත්තේ, , මාතෘ මරණ බොහෝ දුරට සිදු වී ඇත්තේ ලෝකයේ දුප්පත්ම කලාපවල සහ ගැටුම්වලින් පීඩාවට පත් රටවල බවයි

මෙම මරණවලට දරුණු රුධිර වහනය, ආසාදන, අනාරක්ෂිත ගබ්සාවන්ගෙන් ඇති වන සංකූලතා හේතු වී ඇති අතර එම තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගත හැකි සහ ප්‍රතිකාර කළ හැකි ඒවා බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

The post ගැබිණි මව්වරුන් මිය යාම ඉහළට – WHO appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG