Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියුබාවේ අක්කර 400ක් ලැව් ගින්නෙන් අළු වෙයි  

Add comments

ලැව් ගිනි හේතුවෙන් නැගෙනහිර කියුබාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පසුගිය සති අන්තයේ දී ආරම්භ වු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර 400කට ආසන්න වන භුමි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි කියුබා රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ.

ලැව් ගිනි පාලනය කිරිම සඳහා ගිනි නිවන භටයින් සිය ගණනක් සේවයට කැඳවා තිබෙනවා.

අධික සුළං හා වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගිණි සිඝ්‍රයෙන් පැති යාම පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කියුබාවේ ජාතික උද්‍යානයකට ද ලැව් ගින්නෙන් තර්ජන එල්ල වෙමින් පවතින අතර අවට පදිංචිකරුවන් 600 දෙනෙකු පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේ දී ද කියුබාවෙන් ලැව් ගිණි 80ක් පමණ වාර්තා වුණා.

 

The post කියුබාවේ අක්කර 400ක් ලැව් ගින්නෙන් අළු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG