Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රාල ප්‍රහාර කිහිපයකින් පලස්තීන ජාතකයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඊශ්‍රාලයේ එල්ල කළ ප්‍රහාර කිහිපයකින් පලස්තීන ජාතකයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රාල හමුදා ගසාතීරයේ බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකදී එල්ල කළ ප්‍රහාර කිහිපයෙකිනුයි වයෝවෘද්ධ පුද්ගලයෙකු ඇතුළු 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. ගසාතීරයේ බටහිර ඉවුරේ නබ්ලස් ප්‍ර දේශයේ දීයි සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රාල හමුදා ප්‍රකාශ කරන්නේ.

ඊශ්‍රාල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පලස්තීන සෞබ්‍ය අංශ සදහන් කරනවා. ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සදහන්.

සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් මැඩලීමට ගසාතීරයේ බටහිර ඉවුරේ සොදිසි කිරීම් / අත්අඩංගුවට ගැනීම් හා බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ඉහළ දැමීමට ඊශ්‍රාල ආරක්ෂක අංශ පසුගිය කාලයේ දී කටයුතු කළා.

මෙම වසර තුළ දී පමණක් පලස්තීන ජාතිකයින් 50 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගොස් ඇති ඊශ්‍රාල සංඛ්‍යාව 11ක්.

 

 

 

The post ඊශ්‍රාල ප්‍රහාර කිහිපයකින් පලස්තීන ජාතකයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG