Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගනී  

Add comments

ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබනවා.

මෙවර ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටියත් ඒ සියලු දෙනා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇත.

ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක්  ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබා ගෙන තිබෙනවා.

දෙවන ස්ථානය සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක් හිමි කර ගෙන තිබේ.

තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 1.9 කි.

The post ෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG