Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ 25දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

රුසියාව යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා.

එහිදී කුඩා ළමයින් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියා ප්‍රහාර නිසා නිවාස සංකීර්ණ 10කට හානි වී ඇති බවයි.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන රුසියාව සිදු කරන මෙම ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඩීනිප්රෝ නගරයට එල්ල වු ප්‍රහාරවලින් කාන්තාවක් සහ දරුවෙකු මියගොස් තිබෙනවා.

මීට අමතරව යුක්‍රේනයේ මයිකෝලයිව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව විසින් මුහුදේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මිසයිල ප්‍රහාරයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post රුසියා මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ 25දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG