Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ හමුදා මුර පොළකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබලුන් 33ක් මිය යයි  

Add comments

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ හමුදා මුර පොළකට එල්ලවූ ප්‍රහාරයෙන් සෙබලුන් 33ක් මිය ගොස් තිබෙනවා.

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශය වූ හමුදා කදවුරකටයි මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ.

සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හමුදා කදවුරට ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් 40 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණ ඇති බව එරට හමුදාව නිවේදනය කරනවා.

2015 වසරේ සිට බුකිනෝ ෆාසෝහි සන්නද්ද කැරළිකරුවන් සහ හමුදාව අතර ගැටුම් ඇතිව තිබෙනවා.

මෙම ගැටුම් නිසා මේ දක්වා මිය ගොස් ඇති සංඛ්‍යාව දස දහසකට වැඩි බවයි ඇස්තමේන්තු ගත කොට ඇත්තේ.

 

 

 

The post බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ හමුදා මුර පොළකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබලුන් 33ක් මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG