Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්සේ දින 3ක සංචාරයක් සඳහා හංගේරියාවට යයි  

Add comments

ශුද්ධෝත්තම පාප් වහන්සේ දින තුනක සංචාරයක් සදහා හංගේරියාවේ සංචාරයක නිරත වනවා.

ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පස්වරුවේ හංගේරියාවට පැමිණීමට තම ගුවන් යානයට ගොඩවන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට නිකුත්ව තිබෙනවා.

වතිකානය සදහන් කරන්නේ පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකටම සහභාගී වන බවයි.

හංගේරියානු සංචාරයේදී පාප් වහන්සේ යුක්‍රේනය පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් යුක්‍රේනය හා හංගේරියාව යුද්ධය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් නියෝජනය කරනවා.

යුක්‍රේන රුසියා යුද්ධය සම්බන්ධයෙන් හංගේරියාව රුසියාවට පක්ෂ මතයක් දැරීම පාප් වහන්සේගේ සංචාරයේ විශේෂ ඉලක්කයක් විය හැකි බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා.

 

 

 

 

The post පාප් වහන්සේ දින 3ක සංචාරයක් සඳහා හංගේරියාවට යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG