Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකය පුරා ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩිවීමේ අධි අවදානමක්  

Add comments

ලෝකය පුරා ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩිවීමේ අධි අවදානමක් ඇති බවට අනාවැකි පළවනවා.

පෙර නොවූ විරූ උෂ්ණත්වයක් ලෝකයේ නගර කිහිපයක ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා සංවිධාන අනතුරු අඟවනවා.

මේ පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙලෙස උෂ්ණත්වය ඉහළ යා හැකි රාජ්‍යයන් ලෙස ඇෆ්ගනිස්තානය, පැපුවා නිව්ගිනියාව, ග්වාතමාලාව, හොන්ඩුරාස් සහ නිකරගුවා රාජ්‍යයන් නම් කර තිබෙනවා.

තාප තරංග හේතුවෙන් මෙම උෂ්ණත්වය ඉහළ යාම සිදුවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ.

මීට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් ග්ලැසියර් දියවීමේ නිසා තත්ත්වයෙන් ලෝක දේශගුණ තත්ත්වයන් වෙනස්වීම සිදු වන බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

උෂ්ණත්වය වැඩිවීම නිසා නව රෝගාබාධ ඇතිවීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

 

The post ලෝකය පුරා ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩිවීමේ අධි අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG