Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩාන කැරළිකරුවන් එරට ජීව විද්‍යාත්මක රසායනාගාරයක් අත්පත් කර ගැනීමත් සමඟ දැඩි අවදානමක්  

Add comments

සුඩාන කැරළිකරුවන් එරට ජීව විද්‍යාත්මක රසායනාගාරයක් අත්පත් කර ගැනීමත් සමඟ දැඩි අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

සුඩානයේ කාහ්ටූම් නගරයේ පිහිටා ඇති ජීව විද්‍යාත්මක රසායනාගාරයකුයි සුඩාන කැරළිකරුවන් මෙලෙස අත්පත් කරගෙන ඇත්තේ.

එහි සියලු සේවකයින් ඉන් ඉවත් කර ඇති බවද වාර්තා වනවා.

මෙලෙස ජාතික සෞඛ්‍ය පද්ධතියට අයත් රසායනාගාර අත්පත් කර ගැනීම හරහා දැඩි අවදානමක් හටගන්නා බවටයි ජගත් සංවිධාන නිලධාරීන් අනතුරු අඟවන්නේ.

ඊයේ දිනයේදී සුඩාන හමුදා හා කැරළිකරුවන් අතර පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සටන් පවතින ප්‍රදේශවල ජනතාව වෙනත් රටවලට පලායාම ආරම්භකර තිබෙනවා.

ඒ සමඟම කැරළිකරුවන් සතු ප්‍රදේශවල රජයේ ආයතන අත්පත් කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

The post සුඩාන කැරළිකරුවන් එරට ජීව විද්‍යාත්මක රසායනාගාරයක් අත්පත් කර ගැනීමත් සමඟ දැඩි අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG