Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් එකක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයරතු එළි දල්වයි  

Add comments

ඉන්දියාවේ නිෂ්පාදිත තවත් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතරු අගවා තිබෙනවා.

මාර්ෂල් හා මික්රෝනීසියා රාජ්‍යයන්හි අලෙවියට තිබූ මෙම කැස්ස සදහා ලබාදෙන සිරප් වර්ගයේ ද විස රසායන අඩංගු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.

එම සිරප් වර්ගයේ මිනිස් සිරුරට අහිතකර විස රසායන ද්‍රව්‍ය දෙකක් අඩංගු අතර ඒවා භාවිතයෙන් ජීවිතක්ෂයට වුවද පත්විය හැකි බව එම සංවිධානය පවසනවා.

කෙසේ වුවද එම සිරප් වර්ගය භාවිතයෙන් රෝගාතුර වූ කිසිවෙකු සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

මීට මාස කිහිපයකට පෙරදී ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සදහා ලබාදෙන සිරප් භාවිතය හේතුවෙන් ගැම්බියා / ඉන්දුනීසියා / උස්බෙකිස්තානය යන රටවල ළමා මරණ රැසක් සිදුවුණා.

The post ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් එකක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයරතු එළි දල්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG