Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමය මැද සුඩානයේ ගැටුම් අඛණ්ඩව  

Add comments

සුඩානයේ ගැටුම් සටන් විරාමය මැද අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා.

සුඩාන අගනුවර වන කාර්ටුන් නගරයේ ගුවන්තොටුපොලකට ගොඩබැස්සවීමට ගිය තුර්කි ගුවන් යානයකට ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වනවා.

තම පුරවැසියන් නැවත රැගෙන යාමට මෙම ගුවන් යානය එවන ලද බවත්  එම ගුවන් යානයට ප්‍රහාර එල්ලවූ බවත් තුර්කිය සනාථ කර සිටිනවා.

මේ අතර සුඩානයේ ගැටුම් ඇතිකර ගෙන තිබෙන හමුදා කණ්ඩායම් දෙකෙන් එකක නායකයා වන ජනරාල් මොහොමඩ් හම්දාන් ඩගාලෝ පවසන්නේ බෝම්බ පිපිරීම් නවත්වන තුරු සටන් විරාම සාකච්ඡාවලට තමන් එළඹීමට සූදානම් නැති බවයි.

ජනරල් ඩගාලෝ රජයට විරුද්ධව ලක්ෂයක පමණ හමුදා කණ්ඩායමක් උපයෝගී කර ගෙන සටන් මෙහෙයවන බව සුඩාන රජය චෝදනා කරනවා.

 

 

 

The post සටන් විරාමය මැද සුඩානයේ ගැටුම් අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG