Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී ඡන්දය භාවිත කිරීමට කාන්තාවන්ට අවස්ථාව  

Add comments

ලබන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී ඡන්දය භාවිත කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

රෝමානු කතෝලික දේවස්ථානයන්හි තීරණ ගැනීමේ දී කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මීට පෙර රෝමානු කතෝලික දේවස්ථානයේ සැසිවාරයන් සඳහා සහභාගිවීමේ අවස්ථාවට කාන්තාවන්ට තිබුණ ද ඡන්දය භාවිත කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

ඒ අනුව ප්‍රථමවරටයි ඔවුන්ට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

එමෙන්ම පාප් වහන්සේගේ නව තීරණයත් සමඟ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී නව තනතුරු සඳහා තෝරාගනු ලබන 140 දෙනාගෙන් 70 දෙනෙකු කාන්තාවන් විය යුතු බවට වතිකානය නිවේදනය කරනවා.

 

 

 

 

The post බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී ඡන්දය භාවිත කිරීමට කාන්තාවන්ට අවස්ථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG