Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය,  දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව යුද අභ්‍යාසයක්  

Add comments

ජපානය,  දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතියේ දී උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසුව මෙම යුද අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයක්. දකුණු කොරියාව,  ඇමෙරිකාව සහභාගි කර ගනිමින් සිදුකරන යුද අභ්‍යාස හරහා න්‍යෂ්ටික යුද්ධයකට අත වැනීමක් සිදුවන බවට උතුරු කොරියාව අනතුරු අගවනවා. කෙසේ වුවද උතුරු කොරියාවේ අනතුරු ඇගවීම් පසෙකලා දකුණු කොරියාව ඇමෙරිකාව හා එක්ව අඛණ්ඩව යුද අභ්‍යාස සිදුකරනවා.

මෙම යුද අභ්‍යාසය හරහා උතුරු කොරියාවේ මිසයිල තර්ජනයට සාර්ථකව මුහුණදීම හා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නා බව දකුණු කොරියාව පවසනවා.

 

 

 

 

 

The post ජපානය,  දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව යුද අභ්‍යාසයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG