Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ජනපති සහ යුක්‍රේන ජනපති අතර දුරකතන සංවාදයක්  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පින් යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි සමඟ පැයක දුරකතන සංවාදයක් සිදුකර තිබෙනවා.

එම දුරතකන සංවාදය පිළිබඳ අදහස් පළ කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පැයකට ආසන්න කාලයක් පැවති සංවාදය ඉතා අර්ථවත් එකක් වු බවයි.

ඊයේ පස්වරුවේ තමා හා යුක්රේන ජනාධිපතිවරයා අතර සිදු වු සංවාදය හරහා රුසියා යුක්රේන ගැටුමට දේශපාලන විසඳුමක් ලැබෙනු ඇති බවයි චීන ජනාධිපති ෂී ජින් පින් සඳහන් කරන්නේ.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනයට චීන තානාපතිවරයෙක් පත් කිරීම සඳහා ෂී ජින් පින් සාකච්ඡා කළ බවයි.

එය දෙරට අතර ද්විපාර්ශික සබඳතාව වර්ධනයට තල්ලුවක් ලබාදෙනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.

 

 

 

 

The post චීන ජනපති සහ යුක්‍රේන ජනපති අතර දුරකතන සංවාදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG