Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි තත්ත්වයක්  

Add comments

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

සුඩාන හමුදා හා ආර් එස් එෆ් සටන්කාමීන් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් ලක්ෂයක පමණ පිරිසක් සුඩානයෙන් චැඩ් රාජ්‍යයට පලා යනු ඇති බවටයි ජගත් සංවිධානය අනුමාන කරන්නේ.

මේ වන විටත් චැඩ් රාජ්‍යය සරණාගතයින් ලක්ෂ පහක පමණ පිරිසකට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.

පසුගිය 15 වන දින ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ වන තෙක් චැඩ් රාජ්‍යයට සුඩාන සරණාගතයින් විසිදහසක් පමණ පැමිණ ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

එසේ එරටට පළා එන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීමේදී ද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.

ගැටුම් හේතුවෙන් මේ වන විට 400 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ පිරිස තුන්දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.

 

 

The post සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG