Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව කියයි  

Add comments

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව සඳහන් කරනවා.

පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 7.8%කින් හැකිලීමට ලක් වුණා.

මෙම වසරේදී එය 3%කින් තවදුරටත් හැකිලෙනු ඇති බවයි ආසියා සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.

කෙසේ වුවද මෙම වසර අවසානයත් සමග ආර්ථිකය ප්‍රකෘතිමත්වීම ආරම්භ වනු ඇති බවයි එම බැංකුව පෙන්වා දෙන්නේ.

2019 වසරේදී කප්පාදු කළ බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යන කරුණු මීට බලපා තිබෙනවා.

මේ අතර මෙරට ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බාහිර මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමද අවශ්‍ය වනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉදිරියේදී අභියෝග රැසකට මුහුණ දිමට සිදුවනවා.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මූල්‍යකරණයේ සහාය ඇතිව ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාමට හැකිවන බවද ලෝක බැංකුව සඳහන් කරනවා.

 

 

 

The post මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG