Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්තයේ විරෝධතාකරුවන් 1500ක් අත්අඩංගුවට  

Add comments

නෙදර්ලන්තයේ දී පරිසර විරෝධතාකරුවන් එක්දහස් පන්සියයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙදර්ලන්තයේ දී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයක දී මෙම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පැය ගණනාවක උද්ඝෝෂණයකින් පසු උද්ඝෝෂකයින් අධිවේගී මාර්ගයක් අවහිර කිරීමට කටයුතුකර තිබුණා.

ඒ අනුව පොලීසිය ජල ප්‍රහාර එල්ල කළත් උද්ඝෝෂකයින් එම ස්ථානයේම රැඳී සිටියා.

මාර්ගය අවහිර කිරීමෙන් අනතුරුව සියලු උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමටයි නෙදර්ලන්ත ආරක්ෂක අංශ කටයුතු කළේ.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 40 දෙනෙකුට නඩු පවරන බවයි එරට පොලීසිය සඳහන් කරන්නේ.

 

 

 

 

The post නෙදර්ලන්තයේ විරෝධතාකරුවන් 1500ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG