Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2024 දී ඉන්දියාවේ 6.7%ක ආර්ථික වර්ධන වේගයක්  

Add comments

2024 වසරේ දී ඉන්දියාව 6.7%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවට ජගත් සංවිධානය පුරෝකතනය කරනවා.

දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දීය ආර්ථිකය මෙම වසර තුළ දී 5.8%කින් හා ලබන වසරේ දී 6.7%කින් ප්‍රසාරණය වනු ඇති බවටයි ජගත් සංවිධානය පවසන්නේ.

ඉහළ පොලී අනුපාත හා දුර්වල බාහිර ඉල්ලුම මෙන්ම එරට ආයෝජන සහ අපනයන මත ආර්ථික වර්ධන වේගය අත්කර ගනු ඇති බවටයි ජගත් සංවිධාන වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම වසරේ දී ඉන්දියාවේ උද්ධමනය 5.5% දක්වා පහළ වැටෙනු ඇති බවට ද එම සංවිධානය මත පළ කරනවා.

එමෙන්ම ගෝලීය භාණ්ඩ මිල  සහ මුදල් අව ප්‍රමාණය වීම පහළ යැමේ ප්‍රවණතාවක් පවතින බවට ජගත් සංවිධානය පුරෝකතනය කරනවා.

 

 

 

 

 

 

 

The post 2024 දී ඉන්දියාවේ 6.7%ක ආර්ථික වර්ධන වේගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG