Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිරිඟු පිටි ගැන අනතුරු ඇඟවීමක්  

Add comments

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙන් තිරිඟු පිටි ගැන අනතුරු ඇඟවීමක්.

ඉදිරියේදී ලෝකය පුරා තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී සින්ඩි මැකේන් පවසනවා.

ලෝකයේ පාන් කූඩය ලෙස හැදින්වෙන යුක්‍රේනයේ තිරිඟු පිටි රුසියා යුක්‍රේන යුද්ධය නිසා ඉදිරියේදී වෙළෙඳපොළට පැමිණීමේ අඩුවක් ඇතිවිය හැකි බව ඇය වැඩිදුරටත් පවසනවා.

රුසියාව යුක්‍රේන ධාන්‍ය සම්බන්ධ ගිවිසුමෙන් ඉවත් වුවහොත් එය ප්‍රබල අනතුරක් විය හැකි බවයි ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවන්නේ.

2022 රුසියා ආක්‍රමණයෙන් පසු කළු මුහුදේ තිබෙන යුක්‍රේන වරායන්ට පිවිසීම රුසියාව විසින් අවහිර කරනු ලැබුවා.

ඉන්පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කිය මැදිහත්ව රුසියාව සමග ඇතිකර ගත් ගිවිසුමක් මගින් යුක්‍රේන  තිරිඟු පිටි නෞකා ගමන් කිරීම සඳහා එකඟතාවයකට එළඹීම සිදුකළා.

කෙසේ වෙතත් තමන් වෙත එල්ලවෙන සම්බාධක හමුවේ අදාළ ගිවිසුමෙන් ඉවත් වන බවට රුසියාව මේ වන විට ප්‍රකාශකර තිබෙනවා.

 

 

 

The post තිරිඟු පිටි ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG