Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු බලන්න කිම් ජොන්ග් උන් යයි  

Add comments

උතුරු කොරියාවට අයත් ප්‍රථම හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණ සඳහා එරට නායක කිම් ජොන්ග් උන් සහභාගී වී තිබෙනවා.

උතුරු කොරියාවේ යුද ශක්තිය නවීකරණය කර ඉදිරියට ගෙන යාමේ කිම් ජොන්ග් උන්ගේ සැලැස්මේ ප්‍රධාන සාධකයක් ලෙස ඔත්තු බැලිමේ චන්ද්‍රිකාව හැදින්විය හැකියි.

මෙය උතුරු කොරියාවේ අනාගත ක්‍රියාකාරී සැලැස්මක් ලෙසයි එරට මාධ්‍ය හදුන්වන්නේ.

චන්ද්‍රිකාවේ සංවර්ධන කටයුතු මෙහෙයවන කමිටුව හමුවු උතුරු කොරියා නායකයා ඔවුන් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

රට මුහුණ දී සිටින ආරක්ෂිත අභියෝග හමුවේ මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවයි කිම් ජොන්ග් උන් පවසන්නේ.

කෙසේ වුවද එම චන්ද්‍රිකාව කක්ෂ ගත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

 

 

 

The post හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු බලන්න කිම් ජොන්ග් උන් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG