Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස ලබා පැමිණි ඉම්රාන්ට උණුසුම් පිළිගැනීමක්  

Add comments

දින දෙකක් අත්අඩංගුවේ පසු වූ හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස ලබා යළි සිය නිවසට පැමිණියා.

ඉම්රාන් ඛාන්ට සති දෙකක කාලයකට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබා දුන්නා.

ලබන 17 වනදා ඔහු වෙනත් නඩුවකට පෙනී සිටින අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිදහස ලැබූ ඉම්රාන් ඛාන් යළි නිවසට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් මඟ දෙපස රැඳී සිටියා.

ඔහු පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය පුරා කලබලකාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී සිදූ වූ ගැටුම්වලින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගියා.

නිදහස ලබා පැමිණී ඉම්රාන් ඛන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට සාමකාමීව කටයුතු කරන ලෙසයි.

 

The post නිදහස ලබා පැමිණි ඉම්රාන්ට උණුසුම් පිළිගැනීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG