Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩු විභාගයක දී ලිංගික අතවරයකට වරදකරු වෙයි  

Add comments

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩු විභාගයක දී ලිංගික අතවරයකට වරදකරු වී තිබෙනවා.

1990 වසරේ දී ඇමෙරිකාවේ සඟරා තීරු ලිපි රචකයෙකු වූ ඊ ජීන් කැරොල් ලිංගික අතවරයකට ලක්කර ඇති බව මෑන්හැට්න් ජූරිය තීරණය කළා.

කෙසේ වුවද ඇයව දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු නොවන බවයි අධිකරණය පවසන්නේ.

ඇයගේ චෝදනා ප්‍රෝඩාවක් සහ බොරුවක් ලෙස හැදින්වීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇයට අපහාසයක් සිදුකර ඇති බවද ජූරිය පවසනවා.

ඒ හේතුවෙන් ඇයට ඇමෙරිකා ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවන ලෙසයි නියෝග කර ඇත්තේ.

නඩුව ගොනු කිරීමේ දී අපරාධ චෝදනා ඉදිරිපත් නොකිරීම විශේෂත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලිංගික අතවරයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙය වනවා.

 

 

 

 

The post ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩු විභාගයක දී ලිංගික අතවරයකට වරදකරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG