Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය ඉන්දීය කොංග්‍රසයට  

Add comments

කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ඉන්දීය කොංග්‍රසය සමත්ව තිබෙනවා

ඒ ඊයේ (14) පස්වරුවේ නිකුත් කෙරුණු ප්‍රතිඵල අනුවයි.

පසුගිය 10 වැනිදා පැවති මැතිවරණය ප්‍රාන්ත සභාවට සාමාජිකයින් 224 දෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වුණා.

මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය ආසන 136 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ භාරතීය ජනතා පක්ශය පරදවමින්.

එහිදී භාරතීය ජනතා පක්ශයට ලබා ගත හැකි වූයේ ආසන 65 ක් පමණයි

1985 වසරෙන් පසු දේශපාලන පක්ෂයක් කර්ණාටක ප්‍රාන්තයේ තනිව බහුතර බලයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වනවා.

The post කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය ඉන්දීය කොංග්‍රසයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG