Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින 100 ඉක්මවයි  

Add comments

සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින සියය ඉක්මවා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාවෙන් වෙන්වී ගිය තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් ආරම්භ වුණා.

දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 1,200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

කෙසේ වුවද මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගතහැකි බවටයි වාර්තා වන්නේ.

මිලියන තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින අතර ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට පලාගොස් තිබෙනවා.

කිසිදු පාර්ශ්වයක් මේ වන තෙක් ජයග්‍රහනයක් අත්පත් කර ගැනීමට සමත්වී නැහැ.

එමෙන්ම එරට අගනගරයේ යටිතල පහසුකම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින 100 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG