Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 26

රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක  

Add comments

රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ විශේෂ සංචාරයකට එක්ව සිටිනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තියෙන් පසුව උතුරු කොරියාවට පැමිණි පළමු විදෙස් දූත කණ්ඩායම මොවුන් බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග්  නගරයේ දී පැවැත්වීමට නියමිත කොරියා යුද්ධය අවසන් කිරීමේ 70 වන සංවත්සර සැමරුම සදහා ඔවුන් සහභාගීවීමට නියමිතයි.

එම උත්සවය හෙට දිනයේ දී පැවැත්වෙනවා.

රුසියා දූත කණ්ඩායමේ ප්‍රධානීත්වය එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිබු හොබවන අතර ඔවුන් අද උදෑසන උතුරු කොරියාවට පැමිණියා.

එමෙන්ම  චීන දූත පිරිස මේ වන විටත් එරටට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේ වුවද මෙම රටවල් තුනේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හමුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විශ්ලේෂකයින්ගේ මතයයි.

 

 

 

The post රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG