Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජර් රාජ්‍යයේ පාලනය හමුදාව යටතට  

Add comments

නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කර තිබෙනවා.

එරට හමුදා කණ්ඩායමක් රුපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් මේ බව නිවේදනය කළා.

නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා සිටිනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති බොසූම් එරට ජනාධිපති මන්දිරයේ රඳවා තබා ගැනීමට ජනාධිපති ආරක්ෂකයින් කටයුතු කර තිබුණා.

නජයිජර් රාජ්‍යයේ දේශ සීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ බව එරට හමුදාව පවසනවා.

සියලු ආයතනවල කටයුතු ද අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

රට සුරැකීමේ ජාතික කවුන්සිලය ලෙස තමන්ව හදුන්වා දුන් එම කණ්ඩායමේ නායක අමදු අබ්ද්‍රාමේන් ප්‍රකාශ කරන්නේ මොහොමඩ් බොසූම් පාලනය තුළ නයිජර් රාජ්‍යයේ ආරක්ෂාව පිරිහී ඇති බවත් සමාජ හා ආර්ථික කළමනාකරනය දුර්වල මට්ටමක පවතින නිසාත් තමන් බලය අත්පත් කරගත් බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා නිදහස් කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් රැසක් මේ වන විටත් ඉල්ලීම් කර තිබෙනවා.

 

 

The post නයිජර් රාජ්‍යයේ පාලනය හමුදාව යටතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG