Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ව්‍යායාම මධ්‍යස්ථානයක වහලය කඩා වැටීමෙන් 11ක් මරුට  

Add comments

චීනයේ ව්‍යායාම මධ්‍යස්ථානයක වහලක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊසාන දිග චීනයේ කාර්මික නගරයක් වන හෙයිලොන්ජියැන්ග් හි ව්‍යායාම මධ්‍යස්ථානයක වහලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ. අධික වර්ෂාව හේතුවෙන් එය කඩා වැටි ඇති බවට වාර්තා වනවා. අනතුරටපත් බොහෝ පිරිස දරුවන් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට සුන්බුන් වලට සිරවු පිරිස් බේරා ගැනීමේ කටයුතු සිදු වනවා. කෙසේ වෙතත් දැනට බේරා ගෙන ඇති 15 දෙනා අතරින් ජිවතුන් අතර සිටින්නේ 4 දෙනෙකු පමණක් බවයි චීන මාධ්‍ය සදහන් කළේ.

එරට වේලාවෙන් පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ගොඩනැගිල්ලේ ආරක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නිලධාරීන් 4 දෙනෙකු පැනගොස් ඇති බවට ද වාර්තා වනවා.

 

 

 

 

 

The post චීනයේ ව්‍යායාම මධ්‍යස්ථානයක වහලය කඩා වැටීමෙන් 11ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG