Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 600 පන්නයි  

Add comments

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 600 සීමාව ඉක්මවා තිබෙනවා.

මෙම සතියේ දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 13කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියා. එය මාස 4ක කාලයකට පසු වාර්තා වූ වැඩිම ඉහළ යාමයි. ඒ අනුව මේ වනවිට එරට සමස්ත විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 609.02ක් ලෙසයි සටහන් වන්නේ. කෙසේ වුවද විදේශ විනිමය සංචිත සදහා අන්තර්ගත යුරෝ,  පවුම් හා යෙන් වැනි ඩොලර් නොවන මුදල් ඒකක හේතුවෙන් අගය ඉහළ හෝ පහළ යාමේ හැකියාවක් පවතින බවද ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙනවා.

ඉන්දියාවේ විදේශ  මුදල් සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 11.19කින් ඉහළ ගොස් ඇති අතර සමස්තය සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 540.17ක් ලෙසයි. එමෙන්ම එරට රන් සංචික ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.14කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත රන් සංචිත වටිනාකම සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 45.20ක් ලෙසයි.

 

 

 

The post ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 600 පන්නයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG