Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නේපාලයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මිය ගිය පිරිසගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර මෙක්සිකෝ ජාතිකයින් 5 දෙනෙකු ඔවුන් අතරට ඇතුළත් බවයි නේපාල බලධාරීන් සඳහන් කරන්නේ.

හිමාල කදුකරයේ සිදු වූ නවතම ගුවන් අනතුර ලෙස මෙය හැදීන්විය හැකියි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එවරස්ට් කන්ද ඇතුලු ප්‍රදේශයේ සුන්දරත්වය නැරඹීම සඳහා මෙම සංචාරකයින් පිරිස ගමන්  කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ගුවන් අනතුරු බහුලව සිදුවන රටක් ලෙස නේපාලය හැදින්විය හැකි අතර පසුගිය ජනවාරි මාසේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

 

 

 

 

The post නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG