Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ පිපිරීමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

තායිලන්තයේ ගබඩා සංකීර්ණයක හටගත් පිපිරීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් අතුරින් තුන් දෙනෙකු කුඩා ළමුන් බවයි බීබීසි පුවත් සේවය සඳහන් කරන්නේ.

දකුණු දිග තායිලන්තයේ වෙළඳ සංකීර්ණයක පිහිටා ඇති රතිඤ්ඤා ඇතුළු පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානකයි මෙම පිපිරිම් සිදුව ඇත්තේ.

පිපිරිමෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පිපිරීමට හේතුව ඉදිකිරීම් කටයුත්තක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පිපිරීමත් සමඟ අසළ පිහිටි ගොඩනැගිලි දැඩි සෙලවීමකට ලක්ව ඇති අතර ඝන දුමාරයකින් ප්‍රදේශය වැසි ගොස් තිබෙනවා.

 

 

 

The post තායිලන්තයේ පිපිරීමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG