Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මියගිය සංඛ්‍යාව ඉහළට  

Add comments

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වුන්වොන්ග් ප්‍රදේශයේ වොන්ජේ නමින් හදුන්වන උමග සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම හේතුවෙන් එහි සිරවී ඇති වාහන සංඛ්‍යාව 19ක්. උමගේ දිග මීටර 685ක්. උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පසුගිය සතිය පුරා අඛණ්ඩව පවතින වර්ෂාවත් සමග එරට මහමාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහාය ලබාදෙන ලෙස දකුණු කොරියා අග්‍රාමාත්‍යවරයා හමුදා ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. ඊයේ සිට මිලි මීටර 300ක පමණ වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා අංශ සදහන් කර තිබෙන්නේ.

 

 

 

 

 

 

The post අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG