Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවේ ජල ගැලීම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

දකුණු කොරියාවේ ජල ගැලීම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක් අවධානම් ස්ථානවලින් ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. දින කිහිපයක් පුරා අඛණ්ඩව පවතින වර්ෂාවත් සමග මහමාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහාය ලබාදෙන ලෙස දකුණු කොරියා අග්‍රාමාත්‍යවරයා හමුදා ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

ඊයේ සිට මිලි මීටර 300ක පමණ වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා අංශ සදහන් කර තිබෙන්නේ.

 

 

 

 

 

The post දකුණු කොරියාවේ ජල ගැලීම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG