Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ රුසියා හිතවාදී මාලි රාජ්‍යය අතට  

Add comments

ඇමෙරිකා හමුදාවේ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ අත්වැරදීමකින් රුසියා හිතවාදී මාලි රාජ්‍යයට යොමුකර ඇති බව වාර්තා වනවා.

මාලි රාජ්‍යයට ඊමේල් පහසුකම් ලබාදෙන නෙදර්ලන්ත සමාගමක් මේ බව අනාවරණය කර තිබෙනවා.

මාලි රාජ්‍යයට ලැබුණු ඊමේල් පණිවුඩ තුළ ඇමෙරිකා හමුදාවේ අතිශය රහසිගත තොරතුරු රැසක් අන්තර්ගත බවයි වාර්තා වන්නේ.

ඊමේල් ලිපිනය සටහන් කිරීමේ දී සුලු අත්වැරදීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් මෙය සිදුව ඇති බව සඳහන්.

ඊමේල් පණිවුඩ තුළ රාජ්‍ය තාන්ත්‍රික ලිපිගොනු , බදු ,මුරපද හා හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ ගමන් තොරතුරු ද ඇතුළත් වනවා.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙලෙස ඊමේල් පණිවුඩ එක්ලක්ෂ දාහත්දහසක පමණ සංඛ්‍යාවක් යොමුකර ඇති බවයි නෙදර්ලන්ත සමාගම පෙන්වා දෙන්නේ.

බටහිර අප්‍රිකාවේ රුසියාවට අතිශය හිතවත් රාජ්‍යයක් ලෙස මාලි රාජ්‍යය සැලකෙන අතර ඇමෙරිකාවේ රහස් තොරතුරු රුසියාව සතුවීමට ඉඩකඩක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ රුසියා හිතවාදී මාලි රාජ්‍යය අතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG