Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම යුද ගැටුමක් ප්‍රකාශයට පත් කිරීමට සමානයි – දකුණු අප්‍රිකාව  

Add comments

රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම යුද ගැටුමක් ප්‍රකාශයට පත් කිරීමට සමාන බව දකුණු අප්‍රිකාව පවසනවා.

යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් රුසියා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පසුගියදා වරෙන්තුවක් නිකුත් කළේ.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන බ්රික්ස් සමුළුවට සහභාගීවීමට නියමිතයි.

එම සමුළුව සදහා දකුණු අප්‍රිකාව/ රුසියාව /චීනය /ඉන්දියාව වැනි ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් සහභාගී වනවා.

සමුළුව අතරතුරදී කිසියම් ආකාරයකින් රුසියා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හොත් එය රුසියාව සමග යුද්ධයක් ආරම්භ කිරීම හා සමාන බවයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා පවසන්නේ.

වර්ථමානයේ ජනාධිපති ධුරය දරණ පුද්ගලයෙකු වෙනත් රටකදී මොනයම් හේතුවකට හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් එය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සළකන බවයි රුසියාව සදහන් කර ඇත්තේ.

The post රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම යුද ගැටුමක් ප්‍රකාශයට පත් කිරීමට සමානයි – දකුණු අප්‍රිකාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG