Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයේ වරාය නගර කිහිපයකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර  

Add comments

යුක්‍රේනයේ වරාය නගර කිහිපයකට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් 20 දෙනෙකු තුවාල ලැබුවා.

යුක්‍රේනයේ වරාය නගරයන් වන මයිකෝලයිව් හා ඔඩේසා නගරයන්ට අඛණ්ඩව තුන්වන දිනටත් රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කළේ ඊයේ රාත්‍රීයේයි.

එම ප්‍රහාර වලින් කුඩා දරුවන් 5 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

නේවාසික තුන්මහල් ගොඩනැගිල්ලකට එල්ල වු ගුවන් ප්‍රහාරයකිනුයි මොවුන් තුවාල ලබා ඇත්තේ.

මයිකෝලයිව් නගරයේ තවත් උස් ගොඩනැගිලි පහකට ගුවන් ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා.

ඔඩේසා නගරයට එල්ල වු ගුවන් ප්‍රහාර වලින් ද ගොඩනැගිලි රැසක් විනාශ වු අතර ගිනි ගැනීම් ද සිදුව තිබෙනවා.

 

 

 

 

 

 

The post යුක්‍රේනයේ වරාය නගර කිහිපයකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG