Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළට  

Add comments

ඉදිරි දින කිහිපයේදී ග්‍රීසියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

විශේෂයෙන් ඉදිරි දින දෙකේ දී ග්‍රිසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් තරම් ඉහළ යා හැකි බවටයි සැලකෙන්නේ.

ග්‍රීසියේ වැසියන්ට නිවෙස්තුලටම සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

ඇතෑන්ස් හි සංචාරක ස්ථාන මේ වන විටත් වසාදමා තිබෙනවා.

වසර 50කට පසු ග්‍රීසියේ වැඩිම උෂ්ණත්වය ඉදිරි දිනවලදි වාර්තා විය හැකි බවයි කාලගුණ විද්‍යාඥයන් කියා සිටින්නේ.

ගිනි නිවන භටයන් විශාල පිරිසක් ලැව්ගිනි නිවා දැමිමේ කටයුතුවල නිරතව සිටිනවා.

හදිසි අවශ්‍යතා සඳහා අදාළ අංශ සූදානමින් සිටිනවා.

ප්‍රංශයේ හා ඉතාලියේ ගිනි නිවීමේ ගුවන් යානා කිහිපයක්ම ග්‍රීසියට යොමු කෙරුණා.

එමෙන්ම පෝලන්තය , ස්ලෝවැකියාව,රුමේනියාව හා බල්ගේරියාව යන රටවලින් ගිනිනිවන භටයන් 200කට වැඩි පිරිසක් ග්‍රීසියට පැමිණ සිටිනවා.

 

 

 

 

The post ග්‍රීසියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG