Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශරයල හමද සහ පලසතන සටනකමන අතර දරණ වඩ හවමරවක  

Add comments

ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සහ සන්නද්ධ පලස්තීන් සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. ඊශ්‍රායල හමුදාව සඳුදා අළුයම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මෙය ආරම්භ වී ඇත්තේ. වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක ගැටුම් තුළ එහි වඩාත් පුළුල් මෙහෙයුම් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. එම ගැටුම්වලින් පලස්තීනුවන් 9 දෙනෙකු මිය ගොස් සිය දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊශ්‍රායලය සඳහන් කරන්නේ ජෙනින් ත්‍රස්තවාදයේ රැකවරණයක් වීම නතර කරන බවයි. කෙසේ වුවද ජෙනින් මෙහෙයුම යුද අපරාධක් බවට පලස්තීනය චෝදනා කරනවා.

මෙහෙයුම් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැති අතර එය පැය කිහිපයක් හෝ දින කිහිපයක් විය හැකි බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

 

 

 

 

 

The post ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර දරුණු වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG