Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා සෙබළෙක් උතුරු කොරියා අත්අඩංගුවට  

Add comments

අනවසරයෙන් දකුණු කොරියා දේශසීමා තරණය කළ ඇමෙරිකා සෙබළෙක් උතුරු කොරියා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඇමෙරිකා හමුදාවේ දෙවන පන්තියේ සෙබළෙකු වූ ට්‍රැවිස් කින් විනය හේතූන් මත නැවත ඇමෙරිකාවට රැගෙන යාමට නියමිතව සිටියා.

ඔහු ඉන්චියෝන් ගුවන්තොටුපොළට රැගෙන යන අතරතුර පළා ගොස් දේශසීමා තරණය කර ඇති බවට වාර්තා වනවා.

මේ පිළිබඳ කොරියාවේ ඇමෙරිකා හමුදා කණ්ඩය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දේශසීමා තරණය කළ පසු ඔහු කිසිදු සන්නිවේදන සබඳතාවක් පවත්වා නොමැති බවද වාර්තා වනවා.

මේ අතර උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල බවට සැක කෙරෙන මිසයිල දෙකක්ද ඊයේ ජපාන මුහුදට එල්ල කර තිබෙනවා.

 

 

The post ඇමෙරිකා සෙබළෙක් උතුරු කොරියා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG